ඒකාබද්ධ විපක්ෂය පසුගියදා සංවිධාන කළ ‘‘ජනබලය කොළඹට’’ විරෝධතාවට සම්බන්ධ වූ පිරිසකට විෂ මිශ්‍ර කිරි පැකට් ලබාදුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙරට සිටින විදේශීය රටවල තානාපතිවරුන් දැනුම්වත් කිරීමට ඒකාබද්ධ විපක්ෂය සැරසෙනවා.
ඒ, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය සහ රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීමට විරෝධය දක්වමින්.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි පොලීසිය මීට පෙර ප්‍රකාශ කළේ.
