Gossips

ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියාගේ සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිගේ විදෙස් ගමන් තහනම්

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී අචාර්ය අයි.කේ. මහානාමට සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායකට විදෙස් ගමන් තහනම් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද නියෝගයක් නිකුත් කළා.
ඒ, ඔවුන් විදේශගත විමේ සුදානමක් ඇති බවට අල්ලස් හෝ දුෂණ විර්ශණ කොමිසන් සභාව අධිකරණයට ඉදිරිපත් කළ මෝසමක් සලකා බැලිමෙන් පසුවයි.
කන්තලේ සීනි සමාගමට අයත් කොටස් ඉන්දියානු සමාගමකට ලබාදීම වෙනුවෙන් එම සමාගමෙන් රුපියල් කෝටි 54ක අල්ලස් මුදලක් ඉල්ලා ඉන් රුපියල් කෝටි දෙකක මුදලක් ලබා ගැනීමේදී අල්ලස් කොමිසම කොළඹ පිහිටි හෝටලයක රථ ගාලකදී මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය වසරේ මැයි මස 03 වනදායි.
එහිදී රක්ෂිත බන්ධනාගාරගත කළ ඔවුන් පසුව ඇප මත මුදාහැරුණා.