Gossips

ජනාධිපති සුබ මොහොතින් ආහාර පිසීමේ චාරිත්‍රයට එක්වෙයි

ආහාර පිසීමේ නැකත මීට සුළු මොහොතකට පෙර උදා වුණා. පෙරවරු 10 යි 40 ට එම නැකත උදා වූ අතර, නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා හකුරු මිශ්‍ර කිරි බතක්ද, තල මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙළ කරගැනීම යෝග්‍ය බවයි නැකත් චාරිත්‍රවල සදහන් වූයේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද ආහාර පිසීමේ චාරිත්‍රයට එක්වුණේ කොළඹ – මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදීයි.
ඊට පවුලේ සාමාජිකයින් මෙන්ම මැති ඇමතිවරුන් ද එක්ව සිටියා.
වැඩ ඇල්ලීම, ගණුදෙනු කිරීම සහ ආහාර අනුභව කිරීමේ නැකත පූර්ව භාග 11.53 ට යෙදී තිබෙනවා.
නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර දිශාව බලා සියලූ වැඩ අල්ලා ගණුදෙනු කොට ආහාර අනුභවය සිදු කළ යුතු බවයි නැකැත් චාරිත්‍රවල සඳහන් වන්නේ.