ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ලේඛන ව්යජව සකස් කර, පාසල් ළමයින් සඳහා විවිධ වැඩසටහන් ක්රියාත්මක කළ ගුරුවරයෙකු මහියංගනය පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ජාතික භාෂා කුසලතා සංවර්ධන වැඩසටහන් නොමිළේ පවත්වන බවට පවසා රාජ්ය සේවය පිණිසයි යන මැයෙන් ලිපි සකස් කර සිසුන්ගේ නිවෙස් වෙත යොමු කර එම ගුරුවරයා මුදල් වංචා කර ඇති බවටයි පැමිණිලි ලැබී ඇත්තේ.
එලෙස සංවිධාන කළ වැඩසටහනක් පසුගිය දා මහියංගනයේදී පවත්වා ඇති අතර, ඉන් අනතුරුව අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු කුරුණෑගල – මහව ප්රදේශයේ පදිංචිකරුවෙක්.