නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය ජනාධිපති ලේකම් කාර්යාලය අසළ විරෝධතාවක නිරතවනවා. 
ඒ කටුනායක පෞද්ගලික සමාගමක් විසින් වෘත්තිය සමිතිවලට සිදුකරන බලපෑම්වලට විරෝධය පළ කරමින්. 
මෙම විරෝධතාව හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලූ මුවදොර දෙසට පිවිසෙන මාර්ගයද තාවකාලිකව වසා දමා තිබෙනවා.



