Gossips

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාකිස්ථානයට

පාකිස්ථාන ජනරජ දින සැමරුමේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිතයි.
ඒ, පාකිස්ථාන ජනාධිපති මම්නූන් හුසේන් ගේ විශේෂ නිල ආරාධනයකට අනුවයි.
ජනාධිපතිවරයාගේ දෙදින පාකිස්ථාන සංචාරයේදී එරට අග්‍රාමාත්‍ය ෂහීඞ් කඛාන් අබ්බාසි සමගද සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, දෙරට අතර ආර්ථික, වෙළඳ සහ අධ්‍යාපන ක්‍ෂේත්‍රයන් හි සබඳතා තවදුරටත් වර්ධනය කිරීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු කෙරෙනු ඇති.
එමෙන්ම දෙරට අතර අධ්‍යාපන සහ සංචාරක ක්‍ෂේත්‍රවලට අදාළව අවබෝධතා ගිවිසුම් 4 කටද අත්සන් තැබීමට නියමිතයි.
මේ අතර නේපාල ජනාධිපතිනි බිද්‍යා දේවි භණ්ඩාරි එම ධුරයට යළිත් පත්වීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සුබපැතුම් එක්කර තිබෙනවා.