ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට අමාත්‍ය මණ්ඩලය රැස්වී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමාත්‍ය මණ්ඩලය අද පෙරවරු 9.30 ට රැස්වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අමාත්‍ය මණ්ඩලය සෑම සතියකම අඟහරුවාදා දින රැස්වීමට නියමිත වුවත්, හෙට රජයේ නිවාඩු දිනයක් බැවින් මෙලෙස අද පෙරවරුවේ රැස්ව ඇති බවයි වාර්තාවන්නේ.
