හිටපු නීතිපතිවරයෙකු වන අභාවප්‍රාප්ත ජනාධිපති නීතීඥ ෂිබ්ලි අසීස්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ ජාවත්ත මුස්ලිම් සුසාන භූමියේදී සිදු කෙරෙනවා.
අද උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වනවිට ඔහු 75 වන වියේ පසුවුණා.
මියයනවිට ව්‍යවස්ථා සභාවේ සාමාජිකයෙකු ලෙසද කටයුතු කළ ෂිබ්ලි අසීස්, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සහ නීතිපති යන තනතුරු හොබවා ඇති එකම පුද්ගලයා ද වනවා.
දැනට දේහය රාජගිරිය – ලේක්ඩ‍්‍රයිව් හි පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.
