Gossips

ජනාධිපති අපේක්ෂකයා තෝරන්න 16 දෙනාට අයිතියක් නෑ – කුමාර වෙල්ගම

ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ අයිතිය දහසය දෙනාගේ කණ්ඩායමට නොමැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ බදුල්ලේ පැවති උත්සවයකින් අනතුරුව ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ දේශපාලන ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින්.
මේ අතර අනවශ්‍ය දේශපාලන තරඟය රටේ දියුණුවට බාධාවක් වී ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.
ඔහු මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකදියි.