Gossips

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට තමන් සහය නොදෙන බව තෙවරප්පෙරුම පවසයි

ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් ක්‍රියා කළද තමන් ඊට සහය ලබා නොදෙන බව නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා පවසනවා.
ඔහු මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ පැවැත්වුණේ අරලියගහ මන්දිරයේදීයි.
එහිදී අය වැය පිළිබඳව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබද සාකච්ඡා කර තිබෙනවා.