Politics Sri Lanka

ජනාධිපතිවරණය සඳහා මධුරෝ නාමයෝජනා බාරදෙයි

ජනාධිපතිවරණය සඳහා මධුරෝ නාමයෝජනා බාරදෙයි

ලබන අප්‍රේල් මස 22වනදා පැවැත්වීමට නියමිත වෙනිසියුලාවේ ජනාධිපතිවරණය සඳහා පාලක පක්ෂය වන වෙනිසියුලා එක්සත් සමාජවාදී පක්ෂයේ අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති නිකොලස් මධුරෝ මහතා ඊයේ (27) නාමයෝජනා බාර දී තිබේ.

මීට සමගාමීව මධූරෝ විසින් 2019-2025 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩපිළිවෙලද ඉදිරිපත් කර ඇත.

මෙය හිටපු ජනපති හියුගෝ චාවේස් විසින් 2013-2019 දක්වා ඉදිරිපත් කර තිබූ වැඩ පිළිවෙලෙහිම ඉදිරි දිගුවකි.

මේ අතර වෙනිසියුලා කොමියුනිස්ට් පක්ෂයද මෙවර ජනාධිපතිවරණයේදී තම සහය මධුරෝ වෙත ලබා දීමට තීරණය කොට තිබේ.

මේ සමඟ වෙනිසියුලා එක්සත් සමාජවාදී පක්ෂය සහ වෙනිසියුලා කොමියුනිස්ට් පක්ෂය අතර බොලිවේරියානු විප්ලවය ශක්තිමත් කිරීමට වෙනුවෙන් ගිවිසුමක්ද අත්සන් කර ඇත.

කරැණු 17කින් සමන්විත මෙම ගිවිසුම මගින් සමාජ අරගලය වඩා දියුණූ කිරීමටත් වැඩකරන ජනතාවගේ අයිතීන් තහවුරැ කිරීමටත් සමාජ ආර්ථික දේශපාලන තුලනයතන් පවත්වා ගැනීමත් අරමුණ වී තිබේ.