Gossips

ජනාධිපතිවරණයට ඉදිරිපත් කලයුතු අපේක්ෂකයා ගැන මන්ත්‍රී ඩිලාන් කතා කරයි

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ සන්ධානගත වීමෙන් පසු ජනාධිපතිවරණයට තරග කරන ලකුණ ප්‍රශ්නයක් නොවුනද සියලු ජන කොටස්වල ප්‍රසාදය දිනාගත හැකි අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රි ඩිලාන් පෙරේරා පවසනවා.
මේ අතර, වවුනියාව ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර පැවසුවේ සන්ධානගත වීම පිළිබඳ අවසන් තීරණය ඉදිරියේදි ගන්නා බවයි.