ජනාධිපතිවරණයක් පවත්වන තුරු ප්‍රධාන මැතිවරණයක් නොපැවැත්වීම කෙරෙහි එක්සත් ජාතික පක්ෂයේ අවධානය යොමු වූ බව අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද රැස් වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින්.
