Gossips

ජනාධිපතිගේ අවධානය යොමු වූ රොකට්ටුව

අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී යැයි පවසන්නේ ලෝකයේ දියුණු ජාතීන් සිය දියුණුව සාක්ෂාත් කරගැනිමට නව නිපැයුම් නිරන්තරයෙන් සිදු කිරිම හේතුවෙන්.
මෙරට තුල එවැනි නව නිපැයුම් සංස්කෘතියක් තවමත් නොමැති තත්ත්වයක් තුල පාසැල් සිසුවෙකු කළ අපූර්ව නිර්මාණයක් පිළිබඳව අපට වාර්තා වුණා.
ගිහාන් කාවින්ද හෙට්ටිආරච්චි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ ඉංජිනේරු තාක්ෂණවේද අංශයෙන් උසස්පෙල හදාරනවා.
වයසින් තවමත් පාසැල් වියේ පසුවන ගිහාන්ගේ ක්‍රියාකාරකම් නම් ඔහුගේ වයස අභිබවා ගොස් අවසන්.
ඒ, මෙරට පාසැල් ශිෂ්‍යයෙකු විසින් නිපදවූ ප්‍රථම ගුවන් ගත කළ හැකි රොකට්ටුවේ සාඩම්බර නිමැයුම්කරුවා වීම හේතුවෙන්.
ගිහාන් පවසන ආකාරයට මෙම රොකට්ටුව සාර්ථකව ගුවන් ගත වීමට ඇති හැකියාව 90%ක්.
අවාසනාවකට මෙරට සෑම නව නිපැයුම් කරුවෙකුටම මුහුණ දිමට සිදු වන පොදු බාධක වලට මුහුණ දීමට ගිහාන්ටත් සිදුව තිබෙනවා.
ඒ මේ පිළිබඳව වගකිවයුත්තන්ගේ අවධානය යොමු නොවීම හේතුවෙන්.
නමුත් ඔහුගේ නිර්මාණය සෘජුවම රටේ මුල් පුරවැසියාගේ අවධානයට යොමු වන්නේ ගිහාන් පවා නොසිතු මොහොතකයි.
ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බණ්ඩාරනායක විද්‍යාලයේ සියවස් සැමරුමට සහභාගී වූ අවස්ථාවේදී.
මීට පෙර ගිහාන්ගේ අතින් නිමැවූනු නිර්මාණයකට 2017 ජාත්‍යන්තර තරුණ නව නිපැයුම් සම්මාන උලළේ රන් සම්මානයද හිමිව තිබීමද ඔහුගේ දක්ෂතාවයට සාක්ෂි සපයනවා.