Gossips

ජන්දය කඩිනමින් පවත්වන්න

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාල කටයුතු සම්පාදනය කරන ලෙසට ඉල්ලමින් මැතිවරණ කොමිසමේ සභාපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ලිපි යොමු කර තිබෙනවා.
මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ලිපියම කථානායකවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු දේශපාලන පක්ෂ නියෝජිතයන් වෙත ද යොමු කර ඇති බවයි.
දැනටමත් සබරගමුව, උතුරුමැද සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය අවසන් වී තිබෙනවා.
එහෙත් මෙතෙක් එහි මැතිවරණය පවත්වා නොමැති අතර වයඹ, මධ්‍යම, උතුර සහ දකුණු පළාත් සභාවල ද නිළ කාලය මේ වසරේදී අවසන් වනවා.
එහෙත් පළාත් සභා මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමේ කටයුතු සිදුවන බැවින් මෙම මැතිවරණ පැවැත්වීම කල් දමා ඇති බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
ඌව සහ බස්නාහිර පළාත් සභාවල නිළ කාලය අවසන් වන්නේ ලබන වසරේදියි.