Gossips

ජනවාරි 6 ආණ්ඩුව පිහිටුවන බව කෙහෙළිය කියයි

නියත වශයෙන්ම ජනවාරි 6 වන දා ආණ්ඩුව පිහිටුවන්නේ අගමැති මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිස බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ මහනුවර ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණවලට පිලිතුරු ලබාදෙමින්.
මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිවරණ කල් දැමීම ප්‍රජාතන්ත්‍රවාදයද, නැතහොත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැඳවීම ප්‍රජාතන්ත්‍රවාදයද යන්න ඇඹිලිපිටිය ප්‍රදේශයේ ඊයේ පැවැති තවත් මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා ප්‍රශ්න කර සිටියා.