Gossips

ජනවාරි 5 පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව ඡන්ද සහ සීමානිර්ණ කොමිසම කියයි

ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 05 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද (20) පැවති පක්ෂ නායක රැස්වීමේදියි.
පමා වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා කැදවා තිබූ එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් එක්ව සිටියා.
එසේම මැතිවරණ කොමිසමේ සහ සීමානිර්ණ කොමිසමේ සභාපතිවරුන් මෙන්ම නීතිපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඊට සහභාගි වූ බවයි කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.