ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 5 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ අද පැවති පක්ෂ නායක රැස්වීමේදියි.
පමා වී ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම සඳහා කැදවා තිබූ එම සාකච්ඡාවට අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා සහ පක්ෂ නායකවරුන් එක්ව සිටියා.
එසේම මැතිවරණ කොමිසමේ සහ සීමානිර්ණ කොමිසමේ සභාපතිවරුන් මෙන්ම නීතිපතිවරයා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද ඊට සහභාගි වූ බවයි කථානායක මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ.
එසේම පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අදාළව කථානායකවරයා විසින් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් සමාලෝචන කමිටුවක් ද අද පත් කළා.
ඊට විපක්ෂ නායක ආර්. සම්බන්ධන්, අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, නිමල් සිරිපාල ද සිල්වා සහ මැතිවරණ හා සීමා නිර්ණ කොමිෂන් සභාවල සභාපතිවරුන් ඇතුළත්. කවර ක්‍රමයක් යටතේ වුවද මැතිවරණය පැවැත්වීම සඳහා තමන් සූදානම් බව කොමිෂන් සභා දෙකෙහි සභාපතිවරුන් මෙහිදී ප්‍රකාශ කර තිබුණා.