Politics Sri Lanka

ජනවාරි 08 බලාපොරොත්තු ඉටුකිරීමට ජවිපෙ ප්‍රමුඛ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගනවා…

ජනවාරි 08 බලාපොරොත්තු ඉටුකිරීමට ජවිපෙ ප්‍රමුඛ ජනතා මධ්‍යස්ථානයක් ගොඩනගනවා…

2015 ජනවාරි 8 වනදා රටේ පොදු වුවමනාවක් වෙනුවෙන් ජනතාව පැවති පාලනය වෙනස් කළ බවත් එකී වුවමනාවන් ඉටු කිරීමට වර්තමාන ආණ්ඩුව අසමත් වී ඇති බැවිනුත් එම බලාපොරොත්තු ඉටු කරගැනීම සදහා වන ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මධ්‍යස්ථානයක් ගොඩනගන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි. පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ අද(15) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,

මේ වන විට නිල වශයෙන් මැතිවරණයේ ප‍්‍රතිඵල ලේඛන මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විසින් පක්ෂ වෙත ලබාදී තිබෙනවා. එයට අනුව ජනතා විමුක්ති පෙරමුණේ ඡුන්ද සංඛ්‍යාව හත්ලක්ෂ පහළොස් දහසකට ආසන්න ප‍්‍රමාණයකුත් මන්තී‍්‍ර ධුර 434 ප‍්‍රමාණයකුත් ලැබී තිබෙනවා. මීට පෙර ජනතා විමුක්ති පෙරමුණට තිබුණේ මන්තී‍්‍ර ධුර 74ක්. එය 360කින් වැඩිවී තිබෙනවා. මහ මැතිවරණයට සාපේක්ෂව ඡුන්ද එක්ලක්ෂ හැත්තෑදහසකින් පමණ වැඩිවී තිබෙනවා. ඒ අනුව අපේ රටේ ඡුන්ද දායකයින් හත්ලක්ෂ පහළොස්දහසකට ආසන්න ප‍්‍රමාණයක් ජවිපේ කි‍්‍රයාමාර්ග, ගමන්මග පිළිබඳව විශ්වාසය තබා තිබෙනවා. අපිට වගකීමක් තිබෙනවා ජවිපේ පිළිබඳව විශ්වාසය තැබූ ජනතාවගේ ගෞරවය සහ විශ්වාසය ආරක්ෂා කරන්න. අපිට ඡුන්දය ලබාදුන් ජනතාව තුළ තිබෙන්නේ විකල්ප සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියක් පිළිබඳ වුවමනාවයි. එනිසා අපි සහතික වෙනවා, ඔවුන් අප තුළ තැබූ විශ්වාසය ආරක්ෂා කරමින් එම ඡුන්දවලට වටිනාකමක් ලබා දෙනවා කියලා. අප වෙත ඡුන්දය ලබාදුන් ඡුන්දදායකයන්ට කනගාටුවීමට හෝ අත්වැරැුද්දක් සිදුවූ බවට පසුතැවීමට ඉඩ තබන්නේ නැහැ. අපට ඡුන්දය ලබාදීම පිළිබඳව ආඩම්බර විය හැකි ආකාරයට අපගේ මන්තී‍්‍රවරුන් 434 දෙනා සැබෑ ජනතා නියෝජිතයින් ලෙස කටයුතු කරන බවටත් ඒ වෙනුවෙන් අප දේශපාලන මෙහෙයවන බවටත් අපි ජනතාවට පොරොන්දු වෙනවා.
මෙම ප‍්‍රතිඵලවලට අනුව කිසිදු දේශපාලන ව්‍යාපාරයක් 45% ඉක්මවා ඡුන්දය ලබාගෙන නැහැ. ඒවගේම පළාත් පාලන ආයතන 167ක් කිසිවෙකුට තනිව බලය පිහිටුවීමට අවස්ථාව ලැබී නැහැ. එම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට තවත් කවර හෝ පාර්ශ්වයක් හවුල්කර ගත යුතුව තිබෙනවා. එනිසා මේ වන විටත් ජනතා විමුක්ති පෙරමුණේ සහාය, දෙපාර්ශ්වයෙන්ම ඉල්ලා තිබෙනවා. එම සභාවල සභාපතිකම් දෙන්න යෝජනා කරනවා. නමුත් අපිට ඡුන්දය ලබාදුන් හත්ලක්ෂ පහළොස්දහසක ජනතාව අප වෙත පැවරූ කාර්ය භාරය වන්නේ කවරෙකු හා එක්ව ආණ්ඩු පිහිටුවීම නොවේ. හවුල් ආණ්ඩු හැදීම නොවේ. පළාත් පාලන ආයතන තුළත් ඉන් පිටතත් අපේ මන්තී‍්‍රවරුන්ගේ කාර්යභාරය වන්නේ අවංක මහජන නියෝජිතයින් ලෙස ජනතාවට සේවය කිරීමයි. එය නොපිරිහෙලා ඉටුකරන බවට අපි සහතික වෙනවා.
මේ වන විට රට තුළ අස්ථාවර තත්වයක් ඇතිවී තිබෙනවා. එයට සම්පූර්ණයෙන්ම රනිල් වික‍්‍රමසිංහ සහ මෛතී‍්‍රපාල සිරිසේන ජනාධිපතිවරයා වගකිව යුතුයි. 2015 ජනවාරි 8වැනිදා පැවති පාලනය බිඳ දමද්දී රටේ ජනතාවට දේශපාලන වුවමනාවක් තිබුණා. ජනවාරි 8 දා පැවති පාලනය බිඳ වැට්ටුවේ ජනතාවගේ පෞද්ගලික වුවමනාවක් නොව, රටේ පොදු දේශපාලන වුවමනාවක් වෙනුවෙනුයි. ඒ වුවමනාව කැටිකර දැක්වුවේ යහපාලනය කියන වචනයයි. රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම, වංචා දූෂණ නතර කිරීම, දූෂිතයින්ට ද`ඩුවම් ලබාදීම, ආර්ථිකය යහපත් දිසාවකට හැරවීම, යහපත් දේශපාලන සංස්කෘතියක් ස්ථාපිත කිරීම එම අවශ්‍යතාවය වුණා. නමුත් ආණ්ඩුව පාලන බලය ලබාගත් මොහොතේ සිට ජනතා වුවමනාවට පටහැණිව කටයුතු කළා. මෛතී‍්‍රපාල සිරිසේන මහත්තයා ඊළඟ ජනාධිපතිවරණයේදී තමන්ගේ පුටුව ආරක්ෂා කරගන්නේ කෙසේදැයි සුරංගනා සිහිනයක සිටියා. රනිල් වික‍්‍රමසිංහ එළැඹෙන ජනාධිපතිවරණයේදී අගමැති පුටුව වෙනුවට ජනාධිපති පුටුවේ ඉඳගන්නේ කෙසේදැයි සිහින දැක්කා. මේ දෙදෙනාගේම පෞද්ගලික වුවමනාවන් උඩට ආවා. එහි ප‍්‍රතිඵල තමයි අද ඔවුන්ට භුක්ති විඳින්න සිදුවෙලා තිබෙන්නේ. වංචනිකයින්ට ද`ඩුවම් දෙනවා වෙනුවට ඔවුන් ආරක්ෂා කළා. රනිල්-මෛතී‍්‍ර දෙදෙනාමදූෂිතයන්ට ද`ඩුවම් නොදී ඊළඟ ජනාධිපතිවරණයේදී ඔවුන්ගෙන් සහාය ලබාගන්න කටයුතු කරමින් සිටියා.
ඒවගේම ජනතාවගේ පොදු වුවමනාවට අනුව රටේ ආර්ථිකය මෙහෙයවනවා වෙනුවට පැරණි මජර ආර්ථිකයම ඔවුන් පවත්වාගෙන ගියා. පෙබරවාරි 10 ජනවරම කියන්නේ ඔවුන්ගේ මුග්ධ කි‍්‍රයාවේ ප‍්‍රතිඵලවලට ජනතාවගෙන් ලැබුණු ප‍්‍රතිචාරයයි. එනිසා තවදුරටත් ජනාධිපතිවරයාට හෝ අගමැතිවරයාට ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරන්න ඉඩක් නැහැ. ජනවාරි 8 දා ජනතාවගේ බලාපොරොත්තු ඉටුකිරීම වෙනුවෙන් හැකියාව තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ කරගත් ජනතා ව්‍යාපාරයකට පමණයි. අපි සහතිකයක් දෙනවා, ජනතා විමුක්ති පෙරමුණ ප‍්‍රමුඛ කරගත් දේශපාලන මධ්‍යස්ථානයක් ගොඩනඟන්න අපි කටයුතු කරන බවට.
මැතිවරණයෙන් පසුව ඇතිවී තිබෙන බල පොරය තුළ ජනතාවගේ ජන ජීවිතය සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු වෙලා නැහැ. රටේ ඇතිවෙලා තිබෙන ආර්ථික අර්බුදය පිළිබඳව ඔවුන් අතර සාකච්ඡුාවක් නැහැ. ගොවි ජනතාවගේ ප‍්‍රශ්න, ධීවර ජනතාවගේ ප‍්‍රශ්න, අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ ඇතිවෙලා තිබෙන අර්බුද ගැන ඔවුන්ට කිසිදු අවධානයක් නැහැ. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීම පැත්තෙන් ගත්තත් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම, නව මැතිවරණ ක‍්‍රමයක් ස්ථාපිත කිරීම ගැන සාකච්ඡුාවක් නැහැ. වංචාදූෂණ අවම කිරීම, දූෂිතයින්ට ද`ඩුවම් ලබාදීම ගැන සාකච්ඡුාවක් නැහැ. ඒ නිසා තමයි මෛතී‍්‍රපාල ජනාධිපතිවරයා රාජපක්ෂ කණ්ඩායම් සමග ආණ්ඩුවක් හැදීමට උත්සාහ දරන්නේ; එසේම දූෂිතයන් යැයි කියූ එජාපය සමග තවදුරටත් ආණ්ඩුව ගෙනයන්න සාකච්ඡුා කරන්නේ. මුළුමනින්ම මෙම සාකච්ඡුාවල අරමුණ වී තිබෙන්නේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමත් ඉදිරියේදී බලය ලබාගැනීමත් පමණයි. එම සියලූ පාර්ශ්වයන්ගේ ප‍්‍රවේශය වී තිබෙන්නේ එයයි. 2001දී රට තුළ ඇතිවී දේශපාලන අස්ථාවරත්වය හමුවේ ජනතා විමුක්ති පෙරමුණේ අපි එය කළමනාකරණය කළේ ජනතාවට වාසි ලබාගත හැකි ආකාරයටයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීම වෙනුවෙන් ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒම, ගොවි ණය කපා හැරීම වැනි ජනතා හිතවාදී කි‍්‍රයාමාර්ග වෙනුවෙන් අපි කටයුතු කළා. ඒ ආකාරයෙන්ම මේ මොහොතේත් අපේ ප‍්‍රවේශය වී තිබෙන්නේ ජනතාවට ප‍්‍රතිලාභ ලබාදීම වෙනුවෙන් දේශපාලනය මෙහෙයවීමයි.
මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින්…
ඡුන්ද දායකයන්ගේ හැසිරීම පිළිබඳව මහරගම හොඳ උදාහරණයක්. මෙම නව මැතිවරණ ක‍්‍රමයේ ප‍්‍රවේශයම වී තිබුණේ කොට්ඨාසයට වගකියන මන්තී‍්‍රවරයෙකු බිහිකර ගැනීමයි. මනාප ක‍්‍රමයේ හොරුන් දූෂිතයන් ස්තී‍්‍රදූෂකයන් බලයට ඒම පිළිබඳව විවේචනය සමග කොට්ඨාසයට මන්තී‍්‍රවරයෙකු ලබාගැනීමට මෙම මැතිවරණය යොදා ගන්න කියලා අපි ජනතාවට කිවුවා. නමුත් මහරගමදී පත්වෙලා තිබෙන්නේ, මෙම මැතිවරණ බල ප‍්‍රදේශයට අයිති වූවන් නොවේ. ඇතැම් අපේක්ෂකයන් බඩල්ගම ප‍්‍රදේශයේ අයයි. ඇතැම් අපේක්ෂකයන් 1932 උපන්දිනය සහිත වූවන්. එක නිවසේ ලිපිනයන් තිබෙන තුන් හතර දෙනා ඉන්නවා. මෙහි නීතිමය ගැටලූවකුත් තිබෙනවා. ඔවුන් මහරගම ප‍්‍රදේශයෙන් පිට අයවීම නිසා, මහරගම නගර සභාව තුළ ඔවුන්ට මන්තී‍්‍ර ධුර ලබාගන්න හැකියාවක් නැහැ. රාජපක්ෂ කණ්ඩායම ඇත්ත දැනගෙනම තමයි ඔවුන්ට සහාය ලබාදුන්නේ. තමන්ට නිවැරදි ආකාරයෙන් ලැයිස්තුවක් සකස් කර ගන්න බැරි වුණා පමණක් නොව ඔවුන් අරාජික දේශපාලන තත්වයක් ඇති කළා. ඉදිරි වසර හතරක කාලය මහරගම සභාව යා යුත්තේ එම කණ්ඩායමට මන්තී‍්‍ර ධුර නැති බව උපකල්පයන කරමින්. ඒ වගේම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා මැතිවරණයට පෙර කියා තිබෙනවා, කොට්ඨාසයෙන් පත්වුණු මන්තී‍්‍රවරයා නීති විරෝධී නම්, දෙවන ස්ථානය දිනාගත් අපේක්ෂකයාට මන්තී‍්‍ර ධුරය ලැබෙනවා කියා.
පාර්ලිමේන්තුව විසුරුවීම පිළිබඳව විවිධ කතා මතුවෙලා තිබෙනවා. 19වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවිය හැක්කේ අවුරුදු හතරහමාර පසුවීමෙන් පසුවයි. එනිසා වසර හතරහමාරට පෙර පාර්ලිමේන්තුව විසුරුවීමට අවශ්‍ය නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය ලබාගත යුතු වෙනවා. ඒ සඳහා කළ යුත්තේ පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි. එනිසා මහින්ද රාජපක්ෂ හෝ චමල් රාජපක්ෂ කළ යුතු වන්නේ තැන තැන පාර්ලිමේන්තුව විසුරුවන්නැයි යෝජනා කරනවා වෙනුවට පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙන ඒමයි.
ඡුන්ද දායකයන් ඡුන්දය පාවිච්චි කිරීමේදී ඔවුන්ගේ හැසිරීමට විවිධ සාධක බලපානවා. මහින්ද රාජපක්ෂ පසුගිය ජනාධිපතිවරණයේදී ඡුන්ද ලක්ෂ පනස්අටක් ලබාගත්තා. නමුත් මේ මැතිවරණයේදී ඔහුට ජනාධිපතිවරණයේදී ලැබුණු ඡුන්දවලින් ලක්ෂ 7ක් අඩුවෙලා තිබුණා. ඔහුට මෙම මැතිවරණයේදී ලැබී තිබෙන සාතිශය බහුතරයක් ඡුන්ද ජනාධිපතිවරණයේදී ඔහුට ලැබුණු ඡුන්දයි. අපිට ලැබී තිබෙන ඡුන්ද විකල්ප මාවතක් වෙනුවෙන් ලැබුණු ඡුන්ද ප‍්‍රමාණයයි. මැතිවරණයකදී ප‍්‍රධාන කඳවුරු දෙකම පරයා අපි නියෝජනය කරන විකල්ප මාවතට එකවර විශාල ඡුන්ද ප‍්‍රමාණයක් ලැබේ යැයි විශ්වාස කරන්න පුළුවන්කමක් නැහැ. 2015 මහ මැතිවරණයෙන් පසුව ඡුන්දදායකයන් එක්ලක්ෂ හැත්තෑදහසකට වැඩි ප‍්‍රමාණයක් අප වෙනුවෙන් ඡුන්දය භාවිත කොට තිබෙනවා. එනිසා විකල්ප මාවතක් ගොඩනැඟීම ඉතාම අසීරු, නමුත් කළ යුතු දෙයක්. මෙම මැතිවරණ ප‍්‍රතිඵලයේ සංඛ්‍යා ලේඛන තුළ ඉතා වුවමනාවෙන් බැලූවාම පෙනෙන්න තියෙන්නේ මහින්ද රාජපක්ෂට ජනාධිපතිවරණයේදී ඡුන්දය භාවිතා කළ පිරිසෙනුත් ලක්ෂ හතක් අඩුවී තිබෙන බවයි.
ඉදිරියේදී ගොඩනැගිය හැකි වන්නේ එක්කෝ එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ කරගත් ආණ්ඩුවක්. එසේ නැත්නම් මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා එක්ව ගොඩනැගෙන ආණ්ඩුවක්. එසේත් නැත්නම් පැවැති ආණ්ඩුවම ඉදිරියට යෑමක්. මේ කුමන සාකච්ඡුා කළත් ඉදිරියේදී සිදුවිය හැකි වන්නේ ඉහත කරුණුවලින් එකක්. මේ සියල්ලෙන්ම සිදුවන්නේ ඔවුන්ගේ බලය තහවුරු කර ගැනීමේ උත්සහයන්. එසේ නොමැතිව ජනතාව වෙනුවෙන් ඉටුවන කරුණු නොවේ. එජාපයේ පසුපෙළ මන්ත‍්‍රීවරු ඇමති කට්ටක් වෙනුවෙන් එජාප ආණ්ඩුවක් ගොඩ නැගමේ බලාපොරොත්තුවක ඉන්නවා. ඒ වගේ රාජපක්ෂ කණ්ඩායම මැතිවරණයේදී පොරොන්දු වූ අගමැති ධුරය ලබාගන්නවා යැයි පොරොන්දුව තවදුරටත් නඩත්තු කරගෙන යන්නේ කෙසේදැයි ප‍්‍රශ්නයක ඉන්නවා.


මෙම මාධ්‍ය හමුවට ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සහ දේශපාලන මණ්ඩල සභික කේ.ඞී. ලාල්කාන්ත මහතාද සහභාගි විය.