Gossips

ජනවාරියේ මහජන මත විමසුමක්

භූගෝලීය නාමප්‍රමිතිකරණය කිරීම යටතේ සකස් කළ මෙරට ස්ථානීය නාම ලක්ෂ 3 ක ප්‍රමාණය ලබන ජනවාරි මාසයේ අන්තර්ජාලයට මුදාහරින බව මිනුම්පති පී.එන්.පී. උදයකාන්ත ප්‍රකාශ කළා.
මහජන අදහස් ලබාගැනීම සඳහා මුදාහැරෙන මෙම ස්ථානීය නාම මිනුම්දෝරු දෙපාර්තමේන්තුවේ www.gonames.gov.lk වෙබ් අඩවිය ඔස්සේ බලාගත හැකි බවයි ඔහු කියා සිටියේ.