Gossips

ජනවාරියේදී ජනපතිගෙන් අලුත් පොතක්

රනිල් සමග අසාර්ථක දේශපාලන දීගය නමින් පසුගිය වසර තුන හමාරක රාජ්‍ය කාලය සම්බන්ධයෙන් පොතක් නිකුත් කිරීමට තමන් බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද පස්වරුවේ කොළඹදී පැවති උත්සවයකට එක්වෙමින්.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ජනාධිපති සම්මාන උළෙල 2018 අද පස්වරුවේ කොළඹදී පැවැත්වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන්.