Gossips

ජනවාර්ගික අර්බුදයට යළි ඉඩ නැහැ – ජනපති

ජනවාර්ගික ප්‍රශ්නයකට ඉඩ නොතබා උතුරු නැගෙනහිර ජනතාවගේ සංවර්ධන අයිතීන් දිනා දීමට වත්මන් රජය කැපවී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුුළුල් සංවර්ධනයක් ඇති කිරීම වෙනුවෙන් ආරම්භ කළ ‘‘සිරිසර පිවිසුම’’ සංවර්ධන වැඩසටහන යටතේ නිම කෙරුණු ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කළා.
මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ද එක්ව සිටියා. ඔහු කියා සිටියේ ජාතික සමගිය වෙනුවෙන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිලිවෙලට සියලූ දෙනා සහය දිය යුතු බවයි.
මේ අතර, කල්දැමුණු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම අද රාත්‍රී 7 ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදි පැවැත්වීමට නියමිතයි.
නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ප්‍රතිසංවිධාන කටයුතුවල ප්‍රගතිය හා පක්ෂ සම්මේලනය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති බවයි.