ජනමාධ්‍ය හා ඩිජිටල් යටිතල පහසුකම් විෂයට අදාළව ස්ථාපනය කර ඇති දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා සියල්ල දයාසිරි ජයසේකර අමාත්‍ය ධුරය දරන නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය යටතට පත් කර තිබෙනවා.
ඒ අනුව, දයාසිරි ජයසේකර අමාත්‍යවරයා ජනමාධ්‍ය විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ද කටයුතු කරනු ඇති බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ නව අමාත්‍ය මණ්ඩල දිවුරුම් දීමට සමගාමීවයි.
ඒ අනුව, වෘත්තීය පුහුණු සහ නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන ආයතන සහ දෙපාර්තමේන්තු සංඛ්‍යාව 24 ක්.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ද ඒ අනුව එම අමාත්‍යාංශය යටතට පැවරෙනවා.