ජනබලය කොළඹට විරෝධතා ව්‍යාපාරයට සහභාගි වූ පිරිසකට ආසාත්මිකතාවක් ඇති කළ කිරිපැකට් ලබාදීම පිටුපස සිටින්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා එල්ල කරනවා.
නෙලූම් මාවත පක්ෂ කාර්යාලයේදී අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්ගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ තම කීර්තිනාමයට හානිවීම සම්බන්ධයෙන් ෂෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයාට විරුද්ධව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹෙන බවයි.
