Gossips

ජනබලය කොළඹට – ස්ථානය ගැන තීරණය විරෝධතාව පැවැත්වෙන දිනයේදී

එකාබද්ධ විපක්ෂය ලබන මස 05 වැනිදා සංවිධාන කරන ජනබලය කොළඹට විරෝධතාව පවත්වන ස්ථානය එදින ප්‍රකාශයට පත් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මහරගම ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.
අපවත්වී වදාළ පොල්වත්ත ශ්‍රී සද්ධර්මාරාමාධිපති පුජ්‍ය උඩහමුල්ලේ සරණපාල නාහිමියන්ගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අවසන් බුහුමන් දැක්වුවා.