Gossips

‘‘ජනබලය කොළඹට’’ විරෝධතාව ඇරඹේ – මාර්ග රැසක රථ වාහන තදබදයක්

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කරන ජන බලය කොළඹට විරෝධතාව කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ගමන් ආරම්භ කර තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ – කොටුව, පුරහල, මරදාන සහ ඩී.ආර්. විජේවර්ධන මාවත යන ප්‍රදේශ ඔස්සේ මේ වනවිට විරෝධතාකරුවන් පැමිණෙන බවයි.
දැනට ප්‍රකාශ කර ඇති පරිදි ඒකාබද්ධ විපක්ෂයේ ජනබලය කොළඹට විරෝධතාව ලේක්හවුස් වටරවුමෙහි පැවැත්වීමට සැළසුම් කර ඇති පරිදි ඔවුන් එම ස්ථානයටයි ළඟාවෙමින් සිටින්නේ.
විරෝධතා පා ගමන හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක රථවාහන තදබදයක්ද හටගෙන තිබෙනවා.