Gossips

ජනබලය කොළඹට විරෝධතාවට එක්වීම සඳහා හිටපු ජනපති නිල නිවසින් පිටත්වේ

කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භ වූ ඒකාබද්ධ විපක්ෂයේ ජන බලය කොළඹට විරෝධතාව මේ වනවිට ලේක්හවුස් වටරවුම සහ කොළඹ – කොටුව බෝධිය යන ස්ථානවලට ළඟාවී තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ කොළඹ – පුරහල, මරදාන – ටෙක්නිකල් හන්දිය සහ ඩී.ආර්. විජේවර්ධන මාවත ඔස්සේ ගමන් ආරම්භ කළ විරෝධතාකරුවන් එම ස්ථානවලට ළඟාවී ඇති බවයි.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂද ජනබලය කොළඹට විරෝධතාවට එක්වීම සඳහා නිල නිවසින් පිටත්ව තිබෙනවා.
හිටපු ජනාධිපතිවරයා පිටකොටුව බෝධිය අසලිනුයි විරෝධතාවට එක්වීමට නියමිතව ඇත්තේ.
මේ අතර කොළඹ නගරයේ ස්ථාන කිහිපයකින් ආරම්භ කෙරුනු ජන බලය කොළඹට විරෝධතා පාගමන් මේ වන විට කොළඹ ලේක් හවුස් වටරවුම ආසන්නයට පැමිණෙමින් තිබෙනවා.
අප වාර්තාකරුවන් සඳහන් කළේ විරෝධතාව හේතුවෙන් ගාලු මුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය වසා දමා ඇති බවයි.
එමෙන්ම විරෝධතා පා ගමන් හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග රැසක පවතින්නේ දැඩි රථ වාහන තදබදයක්.