ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයට පැමිණි ජනතාවට ලබාදී තිබූ කිරිපැකට්වල වස විස අඩංගු වී නොමැති බව තහවුරු වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
මීට පෙර ඒකාබද්ධ විපක්ෂය අදාළ කිරිපැකට්වල විෂ අඩංගු වී ඇති බව පවසමින් පිටකොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, එවැනි කිසිදු විෂක් ඒවායේ අඩංගු වී නොමැති බව රස පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ලේ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.
