Gossips

ජනබලයට දුන් කිරිපැකට්වල වස විෂ අඩංගු නොමැති බව නියෝජ්‍ය ඇමති නලින් බණ්ඩාර කියයි

ඒකාබද්ධ විපක්ෂය සංවිධාන කළ ජනබලය කොළඹට විරෝධතාවයට පැමිණි ජනතාවට ලබාදී තිබූ කිරිපැකට්වල වස විෂ අඩංගු වී නොමැති බව තහවුරු වී ඇතැයි නීතිය හා සාමය පිළිබද නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර පවසනවා.
මීට පෙර ඒකාබද්ධ විපක්ෂය අදාළ කිරිපැකට්වල විෂ අඩංගු වී ඇති බව පවසමින් පිටකොටුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
කෙසේ වෙතත්, එවැනි කිසිදු විෂක් ඒවායේ අඩංගු වී නොමැති බව රජයේ රස පරීක්ෂණ වාර්තාවෙන් අනාවරණ වී ඇති බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා බදුල්ලේ දී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ.