Gossips

ජනබලයට ගිය 15න් නිදහස් පක්ෂයට අභියෝගයක්

ආණ්ඩුව කුමන චෝදනා එල්ල කළත්, ජනතාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නිදොස් කර ඇති බව, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මේ බව කියා සිටියා.
එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ප්‍රකාශ කළේ ජනබලය විරෝධතාව මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩුව විවිධ සැලසුම් සිදුකර තිබූ බවයි.
කඩවතදී සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන ලෙසට තමන් පොලිසියෙන් ඉල්ලීමක් කළ බව මන්ත්‍රීවරයා එහිදී සඳහන් කළා.
විරෝධතාවට එක්වුවහොත් නිදහස් පක්ෂ සාමාජිකත්වය ඉවත් කරන බවට පක්ෂ මහලේකම්වරයා ප්‍රකාශ කර ඇති බවත්, හැකි නම් ඉවත් කර පෙන්වන ලෙසත් එහිදී ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා අභියෝගයක්ද සිදුකළා.