අභාවප්‍රාප්ත ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද සිදු කෙරෙනවා.
ඒ ගල්කිස්ස පොදු සුසාන භූමියේදියි.
අද පෙරවරු 8 සිට පස්වරු 2 දක්වා ජනතාවට අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබෙනවා.
ජනප්‍රිය ගායන සහ රංගන ශිල්පී රොනී ලීච්ගේ දේහය ඊයේ දහවල් මෙරටට රැගෙන එනු ලැබුවා.
රොනී ලීච් ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී පසුගිය 1 වනදා අලූයම අභාවප්‍රාප්ත වුණේ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.
මියයන විට ඔහු 65 වන වියේ පසුවුණා.
