Gossips

ජනපති හෙට විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජෝර්ජියාවේ ටිබිලිසි නුවර පැවැත්වෙන විවෘත රාජ්‍ය හවුල්කාරීත්වයේ නායක හමුවට හෙට සහභාගිවීමට නියමිතයි.
එරට තුන්දින නිළ සංචාරය ආරම්භ කරමින් අද පෙරවරුවේ ජනාධිපතිවරයා ඇතුළු දුත පිරිස ජෝර්ජියාවේ ෂෝටා රුස්ටවේලි ටිබිලිසි ජාත්‍යන්තර ගුවන් තොටුපළට ළඟා වූ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
විවෘත රාජ්‍ය හවුල්කාරීත්වය 2011 වසරේදී ජාත්‍යන්තර මට්ටමින් විධිමත්ව ස්ථාපිත කෙරුණු අතර, වර්තමාන රජය විසින් ගෙන එනු ලබන යහපාලන වැඩපිළිවෙල අගයමින් එකී හවුල්කාරීත්වය සමඟ එක්වන ලෙස, 2015 වසරේදී ශ්‍රී ලංකාවට ඇරයුම් ලැබුණා.
ලොව රටවල් 75ක් මෙහි සාමාජිකත්වය ලබාගෙන ඇති අතර, එහි සාමාජිකත්වය හිමිවූ ප්‍රථම දකුණු ආසියානු රටද ශ්‍රී ලංකාවයි.