ජනපති හිරෝෂිමා නගරයේ සංචාරයක
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දෙවන ලෝක යුද සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා නගරයේ අද (15) සංචාරයක නිරත වුණා.
එහි ගිය ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ හිරෝෂිමා නගරාධිපතිවරයා විසින්.
ඉන් අනතුරුව හිරෝෂිමා ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එහි පිහිටි කෞතුකාගාරය නැරඹීමට ද එක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.