Gossips

ජනපති හදිසියේම මධ්‍යම පරිසර අධිකාරියට

මධ්‍යම පරිසර අධිකාරියේ කටයුතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අධීක්ෂණයට ලක්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ අද පෙරවරුවේ ජනාධිපතිවරයා හදිසියේම අධිකාරියට ගිය බවයි.
එහි අභ්‍යන්තර ක්‍රියාවලිය මෙන්ම මූල්‍ය අංශයේ කටයුතු පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී සොයා බලා ඇති අතර නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත්තේ පවතින දේශපාලන වාතාවරණය බාධාවක් කර නොගෙන අපේක්ෂිත වාර්ෂික ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට සැලසුම් සහගතව කටයුතු කරන ලෙසටයි.
මධ්‍යම පරිසර අධිකාරියේ ආරක්ෂණ බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේදය ඇතුලු සේවාවන් පිළිබඳව ද මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානයට යොමුවී තිබෙනවා.
පසුව ඉඩම් අමාත්‍යංශය වෙත ගිය ජනාධිපතිවරයා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව ද සොයා බැලුවා.
ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ ඉඩම් දීමනා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳ විමසා බැලූ ජනාධිපතිවරයා ජනතාවගේ දීර්ඝකාලීන ගැටලුවකට විසඳුම් ලැබෙන එම කටයුතු විධිමත් සහ කඩිනම් කිරීමේ අවශ්‍යතාව පැහැදිළි කර තිබෙනවා.
එමෙන්ම 2019 වසරේ ඉඩම් ඔප්පු දස ලක්ෂයක් බෙදා දීමේ ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා සැලසුම් සහගතව කටයුතු කිරීමේ වැදගත්කම ද මෛත්‍රීපාල සිරිසේන මහතා නිලධාරීන්ට පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.