භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක ජල නිම්න – හරිත අරණ රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඓතිහාසික සෝමාවතී පුදබිමේදී අද ආරම්භ වුණා.
මෙම වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වනරෝපා පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහනට සමගාමීවයි.
සෝමාවතී පුදබිමට පැමිණි ජනාධිපතිවරයා ආගමික වතාවත්වල නිරත වීමෙන් පසු විහාරාධිපති පූජ්‍ය පහමුනේ ශ්‍රී සුමංගල නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තා.
මහා සංඝරත්නය සහ සැදැහැවතුන් වෙනුවෙන් එහි ඉදිකෙරුණු නව තෙමහල් විශ්‍රාම ශාලාව ද අද විවෘත කෙරුණේ ජනාධිපතිවරයා අතින්.
