Gossips

ජනපති සීෂෙල්ස් රාජ්‍යයට

දෙදින නිල සංචාරයක් සඳහා අද (08) අලුයම දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සීෂෙල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපල වෙත ළඟාවී තිබෙනවා.
ජනාධිපතිවරයා ඇතුලු දූත පිරිස එරට ජේ්‍යෂ්ඨ අමාත්‍යවරියක වන මැක් සුසී මොන්ඩන් විසින් පිළිගත් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
පසුගිය වසරේ මෙරටට පැමිණි සීෂෙල්ස් ජනාධිපති ඩැනි ෆෝ සිදුකළ ආරාධනාවකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරතවනවා.
දෙරටේ ජනාධිපතිවරුන් අතර හමුව අද පස්වරුවේ සිදුවන අතර, එහිදී නව අවබෝධතා ගිවිසුම් කිහිපයකටද අත්සන් තැබීමට නියමිතයි.
සංචාරක සහ ධීවර කර්මාන්තයට ප්‍රකට සීෂෙල්ස් රාජ්‍යය, අප්‍රිකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටක් ලෙසයි සැළකෙන්නේ.