Gossips

ජනපති සීෂෙල්ස් ජනපති හමුවෙයි

දිගුකාලීන ඉතිහාසයක් ඇති සීෂෙල්ස් – ශ්‍රී ලංකා සබඳතා දෙරටේම සෞභාග්‍ය සහ සමෘද්ධිය උදෙසා ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට කැපවන බව සීෂෙල්ස් ජනපති ඩැනී ෆෝ ප්‍රකාශ කළා.
ඒ, ඔහුගේ විශේෂ ආරාධනයක් පරිදි එම රාජ්‍යයේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ඊයේ එක්වෙමින්.
එහිදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සඳහන් කළේ සියලූ රටවල් සමඟ මිත්‍රත්වය ගොඩනගාගැනීමට රජය ගෙන යන නව විදේශ පිළිවෙත තුළ ලංකාව පිළිබඳ නව ප්‍රතිරූපයක් සහ ගෞරවයක් ජාත්‍යන්තරය තුළ ලැබී ඇති බවයි.
මේ අතර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අද එරට ජාතික උද්භිද උද්‍යානයේ සංචාරයක නිරතවූ අතර, සීෂෙල්ස් ජාතික රෝහලද නිරික්ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.