ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ පරීක්ෂණයට අදාළව පුද්ගලයින් 89 දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පොලිස් මූලස්ථානයේ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ එම ප්‍රකාශ සටහන් කර ගත් පුද්ගලයින් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකු ඇතුළු පොලිස් නිලධාරින් 47 දෙනෙකු ද සිටින බවයි.
