Gossips

ජනපති සහ සාක් මහලේකම් අතර හමුවක් (ඡායාරූප)

නේපාල රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ සාක් සංවිධානයේ මහලේකම් අම්ජාඩ් හුසේන් බී. සියාල් අතර හමුව අද (02) පෙරවරුවේ කත්මණ්ඩු නුවර සාක් මහලේකම් කාර්යාලයේදී සිදුවුණා.
දකුණු ආසියාතික ගූගෝලීය කලාපය මුල් කොටගෙන ඇති වූ කලාපීය සංවිධානය වන සාක් සංවිධානය තුළ ශ්‍රී ලංකාව ප්‍රබල රාජ්‍යයක් ලෙස තමන් හඳුනාගෙන ඇති බවයි මෙහිදී සාක් මහලේකම්වරයා සඳහන් කර ඇත්තේ.
එමෙන්ම මෙහිදී සාක් කලාපීය රටවල් අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ වැදගත්කම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කර ඇති බව සඳහන්.
අනතුරුව සාක් මහලේකම් කාර්යාලයේ තැන්පත් කර ඇති විශේෂ අමුත්තන් සඳහා වන සමරු පොතේ සටහනක් තැබූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ද එක්වුණා.