ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ නව සන්ධානය පිහිටුවීමට දායකත්වය ලබාදෙන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.
රාත්‍රී 7ට එම රැස්වීම ජනාධිපති නිළ නිවසේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
මෙහිදී නව දේශපාලන සන්ධානය සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් මූලික වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.
