Gossips

ජනපති සහ ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති අතර හමුවක්

දුගී බව පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙල සමඟ ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ජනතාව අතර දුගීභාවය සාධනීය ලෙස පහළ අගයක් ගනිමින් තිබෙන බව ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපය සඳහා වූ උපසභාපති ආචාර්ය හාට්වින් ස්චැපර් පවසනවා.
ඊයේ (15) පස්වරුවේ ජනාධිපති නිළ නිවසේදී ඔහු ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර එහිදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම, ජල ගැල්මට ගොදුරු වන ප්‍රදේශවල සිට මුහුදට ගලා යන ජලය වියළි කලාපවලට රැගෙන යාමේ ව්‍යාපෘතියක් සඳහා සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට ද උප සභාපතිවරයා එය සිදුකළ හැකි ආකාරය පිළිබද සොයා බලන බවට ද සහතික වුණා.
මේ අතර, ජපාන අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ආරක්ෂාව පිළිබද උපදේශකවරයා ද ඊයේ (15) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවී වෙරළාරක්ෂක කටයුතු පිළිබදව දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.