Gossips

ජනපති සහ මියන්මාර ජනපති අතර හමුවක්

බහුආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා බෙංගාල බොක්ක ප්‍රවේශය හෙවත් සිව්වන බිම්ස්ටෙක් රාජ්‍ය නායක සමුළුව නේපාලයේ කත්මන්ඩු නුවරදී අද ආරම්භ වනවා.
ඊට සහභාගිවීම සඳහා එරටට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අද පෙරවරුවේ මියන්මාර ජනාධිපති වින් මින්ට් හමුවී ද්විපාර්ශවික සාකච්ඡාවල නිරතවුණා.
එහිදී ශ්‍රී ලංකා – මියන්මාර ඒකාබද්ධ වෙළඳ ගිවිසුම නැවත සක්‍රිය කරගනිමින් දෙරට අතර ආර්ථික සහ වෙළඳ සබඳතා නව මාවතක් ඔස්සේ ශක්තිමත් කරගැනීමට රාජ්‍ය නායකයින් එකඟතාව පළ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේ.
බෙංගාල බොක්ක සාමකාමී සශ්‍රීක හා තිරසර කලාපයක් යන තේමාව යටතේ ආරම්භවන මෙම සමුළුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් හෙට ඇමතීමට නියමිතව තිබෙනවා.