Gossips

ජනපති සහ නේපාල අගමැති අතර ද්විපාර්ශවික සාකච්ඡා

නේපාල රාජ්‍යයේ සුවිශේෂී ආරාධනාවකට අනුව එහි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නේපාල අග්‍රාමාත්‍ය කේ.පී. ඔලී සමග ද්වීපාර්ශවික සාකච්ඡා අද පවත්වනු ලැබුවා.
එමෙන්ම, ජනාධිපතිවරයා අද ශීතාල් නිවාස් නොහොත් නේපාල ජනාධිපති මන්දිරයේදී, නේපාල ජනාධිපතිවරයා හමුවී දෙරටට වැදගත් වන ගිවිසුම් කිහිපයකට ද එළඹුනු බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.
මේ අතර, කත්මන්ඩු නුවර පැවති බිම්ස්ටෙක් සමුළුවට සහභාගි වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ලූම්බිණි නුවරට පැමිණියා.
එහිදී ජනාධිපතිවරයා ලූම්බිණිය වැඳපුදා ගත් අතර, ලූම්බිණිය කරා පැමිණි ජනාධිපතිවරයා පිළිගනු ලැබුවේ කලාප අංක – 05 හි මහඇමතිවරයා සහ නේපාල රාජ්‍යයේ සංචාරක සහ සංස්කෘතික විෂය භාර අමාත්‍යවරයා විසින්.
මෙහිදී සිදුහත් කුමරු උත්පත්තිය ලබා පළමු පියවර තැබූ ස්ථානය ස්පර්ශ කරමින් වන්දනාමාන කර ගැනීමේ දුර්ලභ අවස්ථාව ද ජනාධිපතිවරයා වෙනුවෙන් සලසා දී තිබුණා.
අනතුරුව ජනාධිපතිවරයා ලූම්බිණි පුදබිමේ පිහිටි මායාදේවි විහාරය වැද පුදා ගත් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.