Gossips

ජනපති සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අද යළි හමුවේ

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර තවත් විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙනවා.
ජනාධිපති කාර්යාලයේදී පෙරේදා පැය දෙකකට ආසන්න කාලයක් එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ජනාධිපතිවරයා සමග පවතින දේශපාලන තත්ත්වය පිළිබදව සාකච්ඡා කළා.
කෙසේ වෙතත්, එම සාකච්ඡා අවසන් වූයේ එකගතාවයකින් තොරවයි.
මේ අතර, වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ලබන අගහරුවාදා කොළඹදී පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ නියෝජිත සමුළුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළා.
එමෙන්ම, අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ද ඊයේ සදහන් කළේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අද විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි.