Gossips

ජනපති සහ ඉරාන ජනපති අතර හමුව අද

ඉරාන ජනාධිපති හසාන් රවුහානි සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර නිල හමුව අද (13) පැවැත්වීමට නියමිතයි.
දෙදින නිළ සංචාරයක් සඳහා ඉරානය බලා පිටත්ව ගිය ජනාධිපතිවරයා ටෙහෙරාන් ගුවන් තොටුපලේදී ඊයේ පිළිගනු ලැබුවේ එරට බලශක්ති අමාත්‍යවරයා විසින්.
එහිදී ජනාධිපතිවරයාට හමුදා උත්තමාචාරයක්ද පිරිනමා තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉරාන ජනාධිපති හසාන් රව්හානි අතර නිල සාකච්ඡා අද පැවත්වෙන අතර, එහිදී දෙරටට බලපාන දේශපාලන, ආර්ථික සහ සාමාජීය කරුණු පිළිබඳව අවධානය යොමුවනු ඇති.
ආර්ථික, සෞඛ්‍ය, සිනමා ඇතුලු ක්‍ෂේත්‍රයන්ට අදාළ ද්විපාර්ශවික ගිවිසුම් 5 කටද මෙහිදී අත්සන් තැබීමට නියමිතයි.
ජනාධිපතිවරයා ඉරාන ආධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ද මුණගැසීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.