Gossips

ජනපති සහ ඉන්දීය අගමැති අතර දුරකථන සංවාදයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද පස්වරුවේ දුරකථන සංවාදයක නිරතවී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ මෙහිදී නායකයින් දෙපළ ඉතා සුහදශීලී කථා බහක නිරත වු බවයි.
ශ්‍රී ලංකාවේ දැනට සිදු කෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව ද එහිදී සාකච්ඡාවට ලක්වී තිබෙනවා.
ඉන්දීය අගමැතිවරයා එහිදී සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය සහ සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය ඕනෑම සහයක් ඕනෑම අවස්ථාවක ලබාදෙන බවයි.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින දැඩි මිත්‍රත්වය සහ සුහදශීලිභාවය තව තවත් ශක්තිමත්ව ඉදිරියට පවතින බව ද නරේන්ද්‍ර මෝදි මෙහිදී සදහන් කර ඇති අතර, අසල්වාසී සහෝදර රාජ්‍යයන් සමග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල් සමග වඩා මිත්‍රශීලි සහ සමීප සබදතාවයන් ගොඩනගා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙල පිළිබදව ද සතුට පළ කර තිබෙනවා.