Gossips

ජනපති සහ ඉන්දීය අගමැති අතර හමුවක්

ජනපති – ඉන්දීය අගමැති මෝදි සමඟ ද්විපාර්ශවික සාකච්ඡා අරඹයි
ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට එක්වූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර ද්විපාර්ශවික සාකච්ඡා මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මෙහිදී දෙරටේ ආර්ථික හා දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුවනු ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුව නිල්වන් පවිත්‍ර මිහිතලයක් නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ප්‍රබල පිටිවහලක් ලබාදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ඉන්දියාවේ නවදිල්ලි නුවර රාෂ්ඨ‍්‍රපතිභවන් හිදී අද පෙරවරුවේ ආරම්භ වු ජාත්‍යන්තර සුර්ය බලශක්ති සංවිධානයේ සමාරම්භක උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව කියාසිටියේ.
බලශක්ති අර්බුධය ලොව දියුණු රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද බලපා ඇති අතර ඊට සුදානමක් ලෙස සුර්ය බල සංග්‍රාමය නම් ව්‍යාපෘතිය මේ වන විට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇතැයි මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදී සඳහන් කළා.
ඔහු පෙන්වා දුන්නේ මෙම ව්‍යාපෘතිය යටතේ 2025 වසර වන විට මෙගාවොට් දහසක විදුලිබල ධාරිතාවක් උත්පාදනය කිරීමට හැකිවනු ඇති බවයි.
මෙවැනි සමුලු සඳහා ශ්‍රී ලංකාව නොමදව කැපවන අතර මෙම සමුලුවට ලබාදෙන නායකත්වය පිළිබඳ ප්‍රංශ ජනාධිපතිවරයාට සහ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට සිය ප්‍රසාදය පළ කළා.
බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීමට සුර්ය බලශක්ති තාක්ෂණය වැඩිදියුණු කර ගැනීම, සුර්යබල ව්‍යාපෘති සඳහා යන පිරිවැය අවම කරලීම ඇතුළු ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කිරීම වෙනුවෙනුයි ප්‍රථම වරට මෙම සමුලුව පැවැත්වෙන්නේ.