අමාත්‍ය ධුර ලබාදෙන පිරිස සම්බන්ධයෙන් හදිසි සාකච්ඡාවක් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ(19) රාත්‍රියේදී පැවැත්වුණා.
ජනාධිපති නිල නිවසේ පැවති මෙම සාකච්ඡාවට රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන්ද එක්ව සිටි බවයි වාර්තාවන්නේ.
මෙහිදී තවත් පැය කිහිපයකින් දිවුරුම්දීමට නියමිත අමාත්‍ය මණ්ඩල සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට පැමිණි බව ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවට එක්වූ හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සඳහන් කළා.
කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්වූ මන්ත්‍රීවරුන් මෙන්ම සරත් ෆොන්සේකා ඇතුලූ එක්සත් ජාතික පෙරමුණේ තවත් මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුට අද අමාත්‍ය ධුර නොලැබෙනු ඇති බවයි.
