Gossips

ජනපති සහ අගමැති සාකච්ඡාවක – සම්බන්ධන්, හකීම්, මනෝ සහ නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකුත් එක්වෙයි

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ දේශපාලන පක්ෂ කිහිපයක නායකයන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක නිරත වුණා.
නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු වූ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.
අද පස්වරු පහයි තිහට පමණ ආරම්භ වූ මෙම සාකච්ඡාව සඳහා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මෙන්ම, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක අමාත්‍ය රාවුෆ් හකීම් එක්ව සිටියා.
දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන්, එහි සම නායක අමාත්‍ය පලනි දිගම්බරම්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, අමාත්‍ය රිෂාඞ් බදියුදීන්, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මෙන්ම, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ආචාර්ය සරත් අමුණුගමද සාකච්ඡාවට සහභාගි වී තිබෙනවා.