Gossips

ජනපති සහ අගමැති තිස්සමහාරාම විහාරස්ථානයේ ආගමික වතාවත්වල නිරතවෙයි (ඡායාරූප)

ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අද (29) තිස්සමහාරාම රජමහා විහාරයේ ආගමික වතාවත්වල නිරතවූවා.
ජාතික වප් මගුල් උත්සවය අද පෙරවරුවේ තිස්සමහාරාම, සදගිරිගොඩ වෙල්යායේ දී පැවැත්වුණු අතර ඊට එක්වීමට පෙර ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා තිස්සමහාරාම විහාරස්ථානය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වී තිබෙනවා.
තිස්සමහාරාම රජමහා විහාරාධිපති ආචාර්ය පූජ්‍ය දේවාලේගම ධම්මසේන නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙහි දී ජනාධිපතිතුමා සහ අගමැතිතුමා වෙත සෙත් පිිරිත් සජ්ජායනා කර ආශිර්වාද පළකර තිබෙනවා.
හිටපු කතානායක චමල් රාජපක්ෂ සහ මහින්ද අමරවීර එම අවස්ථාවට එක්ව සිටියා.